Home / Uncategorized / බදුල්ල දිස්ත්‍රික්කයට තද සුළං _ නිවාස 70 කට හානි _ 04 කට තුවාල (Photos)

බදුල්ල දිස්ත්‍රික්කයට තද සුළං _ නිවාස 70 කට හානි _ 04 කට තුවාල (Photos)

ඊයේ රාත්‍රියේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම , වැලිමඩ , හල්දුම්මුල්ල , පස්සර හා හපුතලේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශවලට ඇතිවු දැඩි සුළං තත්වය හේතුවෙන් පුද්ගලයින් 04 කු තුවාල ලබා නිවාස 70 ට පමණ හානි සිදුව තිබේ.

තුවාල කරුවන් හට තුවාල සිදුව ඇත්තේ නිවෙස් මතට ගස් පෙරලිමෙන් වන අතර මෙම තුවාල කරුවන් වැලිමඩ මැතිවරණ කොට්ඨාශයෙන් වාර්තා වේ.ඔවුන් ප්‍රතිකාර සදහා වැලිමඩ මුලික රෝහලට හා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.

වැඩිම නිවාස ප්‍රමාණයකට හානි සිදුව ඇත්තේ ඌව පරණගම ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයේය. ඒ නිවාස 40 කි.

පැවති අධික සුළං තත්වය හේතුවෙන් අද දින සිට ප්‍රදර්ශණය කිරීමට නියමිතව තිබු දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ සුවිශල් පොසොන් තොරණද කඩා වැටී විනාශයට පත්ව තිබේ.

ප්‍රදේශයේ විදුලි සැපයුම් මාර්ග රැසක් මතට ගස් කඩා වැටිමෙන් විනාශයට පත්ව ඇති අතර විදුලි සැපයුම යතා තත්වයට පත් කිරීමට දින කිහිපයක් ගත වනු ඇතැයි විදුලි බල මන්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසිය.

1

2

11

1

2

3

4

5

6

8

9

10

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *