වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභි පවුල් වලින් තෝරාගනු ලැබූ උසස් පෙළ හදාර දරු දැරියන් හතලිස් දෙනෙකු සදහා සමෘද්ධි සිප් දොර ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම පසුගියදා වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.
වැලිමඩ සමෘද්ධි මූලස්ථාන සමෘද්ධි කළමණාකරු මාලා මුණසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් පැවති මෙම ශිෂ්‍යත්ව ප්රධානෝත්සවයෙදී 2017 – 2019 අධ්‍යන වර්ෂය සදහා සුදුසුකම් ලැබූ දරු දැරියන් අතරින් තෝරාගත් උසස් ප්‍රතිපල ලැබූ 40 දෙනෙකු සදහා රුපියල් දහ හතර ලක්ෂ හතලිස් දාහක් වටිනා ශිෂ්‍යත්ව හතලිහක් පිරිනමන ලදී. එක් ළමයෙක් සදහා මසකට රුපියල් එක්දහස් පන්සිය බැගින් මාස 24 ක් සදහා මෙම ශිෂ්‍යත්ව හිමිය.
මෙම ශිෂ්‍යත්ව ලාභින් තෝරා ගැනීම වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න මහත්මියගේ හා බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ඩබ්ලිව්.එම්.පී. විජයබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි සම්මුඛ පරික්ෂණයක් පවත්වා මෙම ශිෂ්‍යත්ව ලාභීන් තෝරා ගෙන තිබින.
මෙම ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය සදහා මූලස්ථාන සමෘද්ධි කළමණාකරු මාලා මුණසිංහ මහත්මිය , සමෘද්ධි සමාජ ආරක්ෂණ ලිපිකාරිණි ගංගා සංජීනී , සමෘද්ධි සමාජ සංවර්ධන නිළධාරි ප්‍රියන්ත පුෂ්ප කුමාර ඇතුළු නිළධාරින් පිරිසක්ද ශිෂ්‍යත්ව ලාභින් හා ඔවුන්ගේ දෙමාපියන්ද එක්ව සිටියහ.