දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ අද(17) උදෑසන පිපිරීමක් සිදුව තිබේ.
පුහුණු වීමක් අතර තුර සිදුවී ඇති වු මෙම පිපිරීමෙන් ගුවන් හමුදා ආධුනික සෙබළියක් හා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ, පුපුරා ගොස් ඇත්තේ අත් බෝම්බයක් බවයි.
නරියකන්ද ප්‍රදේශයේදී ගුවන් හමුදා පුහුණු අභ්‍යාසයක් අතර තුර මෙය සිදුව ඇති බව වාර්තා වෙයි.
තුවාලකරුවන් මේ වන විට දියතලාව මුලික රෝහල වෙත ඇතුළත් කළ බව ද වාර්තා වෙයි.
දියතලාව ගුවන් හමුදා පොලිසිය හා බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් ඇතිව දියතලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.