Home / Uncategorized / කපුටන් මරා එල්ලා ඇති කිරිගව ගොවිපලක් (photos)

කපුටන් මරා එල්ලා ඇති කිරිගව ගොවිපලක් (photos)

වැලිමඩ හෙට්ටිගෙදර ප්‍රදේශයේ මහා පරිසර ව්‍යසනයක් සිදු කරමින් පවත්වාගෙන යනු ලබන කිරිගව ගොවිපලට ජනතා විරෝධය මේ වන විට එල්ලව තිබේ.

මෙම කිරිගව ගොවිපලින් පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය හේතුවෙන් අවට ගම්මාන රැසක ජනතාවට සිය දෛනික කටයුතු පවා සිදු කිරීමට නොහැකිව තිබේ. ප්‍රදේශය පුරා මැස්සන් බෝ විම නිසා ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට දැඩි තර්ජනයක් එල්ලව තිබේ. ගොවිපල ඇතුලත තැනින් තැන වල දැමු ගවයින්ගේ අස්ති කොටස් මතුව තිබෙන අතර කපුටන් සහ බල්ලන් මෙම අස්ති කොටස් ප්‍රදේශය පුරා සෞඛ්‍යට දැඩි තර්ජනයක් එල්ල කරමින් විසුරුවා හරින බව ජනතාව කියති.

කිරිගව ගොවිපලේ නිති විරෝධිව ගවයින් ඝාතනය කරන නිසා මේසේ සිදුව ඇතැයි ප්‍රදේශවාසිහු මෙසේ චෝදනා නගයි.

ගොවිපල ඇතුලත කපුටන් මරා එල්ලා ඇති අතර ජනතාව චෝදනා නගන්නේ ගවයන් ඝාතනය කරන ස්ථාන වලට පැමිනෙන කපුටන් වැලැක්විම සදහා මෙම උපක්‍රමය යොදා ඇති බවයි. මාස හතක් තිස්සේ පරිසර බලපත්‍ර පවා නොමැතිව සිදු කරන මෙම මහා විනාශය මෙතෙක් කල් යට ගැසී තිබුනේ ඇතැම් බලධාරින් මොණර කොල සදහා තිබු ගිජු කම නිසා බව ජනතාව චෝදනා නගති.

මෙම ස්ථානයට එරෙහිව ප්‍රදේශවාසින් විසින් විරෝධතාවයක්ද සංවිධානය කර තිබු අතර වැලිමඩ පොලිසිය මැදිහත්වි මෙම කිරිගව ගොවිපල හිමිකරු වෙත සතියක් ඇතුලත අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය.

ප්‍රදේශවාසින් ප්‍රකාශ කලේ මෙම විනාශය නතර නොකොලහොත් ඉදිරියේදී ඕනෑම ක්‍රියාමාර්ගයක් දිවි පරදුවට තබා හෝ ගැනීමට පසුබට නොවන බවය.

1 (1)

1 (2)

2 (1)

2 (2)

3 (1)

3 (2)

3 (3)

3 (4)

3 (5)

4 (1)

4 (2)

4 (3)

5

6

7

8

9 (1)

9 (2)

10

11

12 (1)

12 (2)

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *