Home / Stories / නුවරඑළියේදී බස් රථයක් පෙරලීමෙන් පාසල් සිසුන් 9දෙනෙක් රෝහල්ගතකෙරේ

නුවරඑළියේදී බස් රථයක් පෙරලීමෙන් පාසල් සිසුන් 9දෙනෙක් රෝහල්ගතකෙරේ

ඡායාරූපය - අදදෙරණ
ඡායාරූපය – අදදෙරණ

නුවරඑළියේදී පුද්ගලික බස්රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් එහි ගමන්ගත් පාසල් සිසුන් 9දෙනෙකු නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.නුවරඑළිය ඩන්සිනන් ප්‍රදේශයේ සිට නුවරඑළිය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. නුවරඑළිය පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරික්‍ෂක ඒ.ඒ.එන් පෙරේරා මහතාට අනුව මෙම අනතුර සිදුව අැත්තේ අද (01) උදැසන 7.40 ට පමණ නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ටොප්ෆාස් ප්‍රදේශයේදීයි.

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථය තුළ විසිපස්දෙනෙකු පමණ ගමන් කර තිබෙන අතර අනතුරෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් සිව්දෙනෙකු වැඩිහිටියන් සිව්දෙනෙකු සහ අවුරුදු හතරක කුඩා දැරියක් තුවාල ලබා නුවරඑළිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව නුවරඑළිය මුලික රෝහලේ වෛද්‍යවරුන් පවසයි.

අධික වේගයෙන් ධාවනය වි ඇති බස් රථය ලිස්සා ගොස් ප‍්‍රධාන මාර්ගය අභියස තිබු කන්ද හැපි ප්‍රධාන මාර්ගයට පෙරළී ඇත.මෙම අනතුර හේතුවෙන් බස් රථයේ රියදුරාව නුරඑළිය පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.අනතුර පිළිබඳව නුවරඑළිය පොලිසිය වැඩි දුර පරික්‍ෂණ ආරම්භ කර ඇත.

About mithilaya

Check Also

හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !

පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *