මෙවර මහියංගණය ප්‍රදේශීය සභා මැතිවරණය සදහා ප්‍රධාන දේශපාලන පක්ෂයකන් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයෙකු ස්ත්‍රී දූෂණයක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා ප්රදේ්ශයේ රජයේ පාසලක ගුරුවරයෙකු වන අතර උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙකු ලෙසටද වාර්ථා වෙයි.
පසුගිය වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් තම දියණිය තනිවම නිවසේ සිටින අවස්ථාවක පැමිණි මෙම පුද්ගලයා තම දියණියට ලිංගික අතරවර කර ඇති බවට එම දියණියගේ මෑණීයන් විසින් ගිරාදුරුකෝට්ටේ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අද දිනයේදී ඔහු මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.