මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වන තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයන් පැවැත්වූ රැස්වීමකට සහභාගී වූ ඌව පළාත් සභවේ හිටපු මහඇමති චාමර සම්පත් දසනායක ගුරුවරිය දණගැස්වීමේ සිදුවීම සම්බන්දයෙන් අදහස් දක්වා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන් ගුරුවරියක් දණගැස්සුවේ නැති බවත් එම ගුරුවරිය තමන්ට වඩා අවුරුදු 10කින් පමණ වැඩිමල් බවත් තමන්ට මාධ්‍යයෙන් මඩගසන බවත්ය. එලෙසම “මට ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න බැරිනම් මේ මහඇමතිකමෙන් ඇති වැඩේ මොකක්ද?” යැයිද පැවසීමට ඔහු අමතක කර නැතැයි වාර්ථා වෙයි.
එලෙසම මෙම මැතිවරණයෙන් අගමැතිවරයෙකු තේරීමක් සිදුනොවුනත් උෟව පළාතේ නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරියේදී අගමැතිපුටුවේ වාඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කර ඇතැයිද හිටපු මහඇමති චාමර සම්පත් දසනායක එහිදී පවසා ඇත.