බදුල්ල විදුහල්පතිනියගේ සිද්ධියේදී බලහත්කාරයෙන් ප්රකාශගත් බවට රාජ්‍ය නොවන සංවිධානයක් මගින් මාධ්‍ය වේදින් තිදෙනෙකු හට අභූත චෝදනා කිරීමට එරෙහිව ඌවේ මාධ්‍ය වේදින් බදුල්ල ඌව පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ.
කිර්ති තෙන්නකෝන් නැමති රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙකු අභූත චෝදනා කරමින් අහිංසක මාධ්‍ය වේදින් හට තම රාජකාරියට බාධා කරමින් හිරිහැර කරදර කරන බව මෙහිදී විරෝධතා කරුවෝ පැවසුහ.
වැඩිදුරටත් අදහස් දැක්වු මාධ්‍ය වේදින් ඩොලර් කාක්කන්හට බිය නොවන බවත් දූෂණ හොයන අයගේ දූෂිත චරිතය ඉදිරියේදී රටටම හෙලි කරන බවත් පැවසුවේය.