ඇල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බල ප්රදේශයේ පානීය ජලය ලබාගන්නා ජල මුලාශ්රවලින් 90% ක ආසන්න ප්රමාණයක් අපවිත්ර වී ඇති බව බදුල්ල දිස්ත්රික් කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇතැයි වාර්ථා වෙයි. එමනිසා එවැනි ජල මුලාශ්ර ඇති ප්රදේශවල ජලය පිරිපහඳු කිරීමේ ක්රමයක් ඇරඹිය යුතු බවට එහිදී තීරණයක් ගෙන ඇත.
බොහෝ විට මෙම ජලය අපවිත්ර වීමට හේතූන් වශයෙන් ජල සැපයුම් ප්රදේශවලට ඉහතින් පිහිටා ඇති ගවමඩු, වැසිකිලිදක්වන අතර බොහෝ විට ජලය අපවිත්ර බවට පත්වන්නේ රක්ෂිත ඉඩම්වල වතු සේවකයින් විසින් ගවමඩු සහ වැසිකිලි පවත්වාගෙන යාම හේතුවෙන් බවත් පෙනවා දෙයි.
මෙම ගැටළුවට එක් පිළියමක් වශයෙන් දෙමෝදර ජල යෝජනා ක්රමයෙන් පානීය ජලය සැපයීම ඉදිරියේදී ක්රියාත්මක වන බැවින් ස්වාභාවිකව ගලා එන ජලය සහ ළිං ජලයට අමතරව පිරිසිදු කළ ජලය ලබා ගැනීමට හැකිවෙතැයි බදුල්ල දිස්ත්රික් ලේකම් නිමල් අබේසිරි මහතා මෙහිදී පවසා ඇත