හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ ලිදුල බයොවෙල් ප්රදේශයේදී වෑන් රථයක් ප්රපාතයකට පෙරලීමෙන් එහි ගමන්ගත් තරුණියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ලිදුල ප්රදේශීය රෝහලට ඇතුලත් කිරීමන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සදහා නුවරඑළිය මූලික රෝහලට මාරු කර යවා ඇත. ඊයේ (03) රාත්රී 11ට පමණ මෙම වෑන් රථය අඩි 200ක් පමණ ප්රපාතයකට පෙරලී ඇති අතර තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 18 හා 23 හැවිරිදි තරුණියන් දෙදෙනෙකි.
රුවන්වැල්ල සිට නුවරඑළිය දක්වා ගමන් කරමින් සිට ඇති මෙම රථය මාර්ගයෙන් ඉවතට ගමන් කිරීමේදී රියදුරු වාහනයෙන් ඉවතට පැණ ඇති අතර ඔහුට තුවාල සිදුවී නොමැත.රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුයට පත්ව ඇති අතර ඔහු පවසා ඇත්තේ වෑන් රථයේ ඉදිරිපස රෝද වල ඇතිවූ කාර්මික දෝෂයක් අනතුරට හේතුවූ බවයි.
ඡායාරූප – චන්දන ජයවීර