මහියංගණය හා බදුල්ල යන ප්රාදේශීය සභා දෙක සදහා ශ්රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ විසින් ඉදිරිපත් කල නාමයෝජනා පත්ර දෙකක් ප්රතික්ෂේප වී ඇත.
බදුල්ල දිස්ත්රික්කයේ පාලත් පාලන අයාතන 11 සදහා නාමයෝජනා 51 අතරින් නාමයෝජනා 3ක් ප්රතික්ෂේප වූ අතර ඉන් අනෙක් ප්රතික්ෂේප වීම සිදුව ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් විසින් ඉදිරිපත් කල නාමයෝජනායි. කෙසේ වෙතත් බදුල්ල දිස්ත්රික්කයේ පළාත් පාලන අයාතන සදහා ඇප මුදල් 52ක් තැන්පත් කර තිබුණත් නාමයෝජනා ඉදිරිපත් වී තිබුණේ 51කින් පමණි. එයින් 42ක් පිලිගත් දේශපාලන පක්ෂ වලින් වන අතර 9ක් ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කල නාමයෝජනාය.