බදුල්ල දිස්ත්‍රික්කයේ හා බදුල්ල අවට ප්‍රදේශවල ස්වභාවික ආපදාවන් හේතුවෙන් අවතැන් වන ජනතාවගේ සදහා බදුල්ලේ විනීතගම ජනපදයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකල බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වාර්ථා සදහන් කරයි.
අවතැන් වන ජනතාවට රජයේ ආධාරය ලබා දීමේ කෙටි කාලීන උපාය මාර්ගයක් හැටියට පවත්වා ගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරනු ලැබූ මුදල රුපියල් 28 000 000ක් බවයි වාර්ථා වන්නේ. මෙම මුදල ලැබී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර වැඩපිළිවෙළක් මගින් වන බවයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කරන්නේ.