
මහියංගණය රිදීමාලියද්ද ප්‍රදේශීය ලේඛම් බල ප්‍රදේශයේ ඔලගන්ගල ආරණයට අයත් ඔලගන්ගල රක්ෂිතයට ආසන්න ස්ථානයක නිධන් ලබාගැනීමේ අරමුණින් පොළව කණිමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රිදීමාලියද්ද පොලීසිය කටයුතු කර ඇත.
රිදීමාලියද්ද,බදුරලිය හා කඩවත ප්‍රදේශවලින් රීදීමාලියද්දේ පහළ ඔයගහ,ගල්යාය හා හෑපොල පැරණි සොරොව්ව යන ස්ථාන වලට පැමිණ ඇති මෙම සැකකරුවන් ගල්වෙඩි ආධාර කරගනිමින් පොළව හාරා ඇතැයි පොලීසිය පවසන අතර මෙම කැනීම් සම්බන්දයෙන් පුරාවිද්‍ය දෙපාර්තමෙන්තුව දැනුවත්කර වාර්තාවක් ලබාගැනීමට ද මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රිදීමාලියද්ද පොලීසිය පවසයි.