දින කිහිපයක සිට බදුල්ල ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේදී (01) බදුල්ල කොළඹ මාර්ගයේ කිරිදිගල ප්‍රදේශයේදී මාර්ගයේ ගිලා බැසීමක් සිදුවිය. බලංගොඩ සිට බදුල්ල දක්වා ගමන් කිරීමේ දී මෙම ප්‍රදේශය අවදානම් සහිත බැවින් මාර්ගයේ එක්පසක් වසා ඇති අතර එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට ඉතාමත් ප්‍රවේශමෙන් රිය පදවන ලෙසත් පොලීසිය දන්වා සිටී.
ඡායාරූප – ප්‍රින්ස් රත්නායක