ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් මහියංගන ජලසම්පාදනය ඒකකය මගින් මහියංගන නගරයට හා ඒ අවට ගම්මාන රැසකට දින 3ක් තිස්සේ ජලය ලබා නොදීම හේතුවෙන් ප්‍රදේශවාසින් දැඩි අපසහුතාවයට ලක්වසිටින බව වාර්ථා වේ.මේ හේතුවෙන් නගරයේ ආහාරපාන සපයන ආපනශාලා,මහියංගනය ජාතික පාසල,මහියංගනය මූලික රෝහල, පොලිසිය, හා මහියංගන නගරයේ රාජ්‍ය ආයතනද තමන්ගේ දෛනික කටයුතු කරගෙනයාමට නොහැකි වීමෙන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින අතර ඔවුන් ජලය ලබා ගැනීම සදහා ජලසම්පාදන කාර්යාලය අසල රැදී සිටිනුද දක්නට ලැබිණි.
විශාල මුදලක් වැය කල ජල ව්‍යාපෘති ඉදිකලද ඒවායේ ප්‍රථිලාභ ජනතාවට නොලැබෙන වට ජනතාව විසින් පාලන අධිකාරියට චෝදනාකරන අතර මේ සම්බන්දයෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් මහියංගන ජලසම්පාදනය ඒකක කළමණාකාර නිකලස් මහතාගෙන් විමසු අවස්ථවේදී ඔහු පවසාඇත්තේ මහවැලි ගගේ වතුර වැඩිවීම නිසා ඒවා පොම්ප කල බවත්, ජලය රැගෙන එන බට වැලි වලින් පිරී තිබීම නිසා මේ ගැටලුව ඇතිවී අතිබවයි.
ඡායාරූප – රංජිත් කරුණාවීර