පවතින අයහපත් කාලගුණ තත්වය හමුවෙ රියපැදවිම ගැන වඩාත් අවධානය යොමුකල යුතුව තිබේ.මේ නිසාම රථවාහන පොලිසිය මේ දිනවල නිතරම පවසමින් සිටින්නේ පාරවල් ලිස්සන සුළු බැවින් කල්පනාකාරි ලෙසින් රියපැදවිම අත්‍යවශ්‍ය බවය.
මේ තත්වය වංගු සහිත වු මාර්ග රැසක් ඇති කඳුකරයේදි රියදුරන් තවත් පරිස්සම් විය යුුතුව තිබේ.
අද උදෑසන තලවාකැලේ ප්‍රදේශයේදි සිදුව ඇති මේ අනතුරු සැබැවින්ම ශෝචනීයය. වැස්සට සුදානමින් ජැකට් එකක්ද පැළද සිිටි මේ යතුරු පැදිකරු මියගොස් තිබුනේ හෙල්මටයද හිසේම තිබියදිය.
හුස්ම පොද අහිමව ගිය ඒ සිරුරේ උණුසුම තවමත් එසේම තිබියදි එල්ෆ් රථයක් මතට පටවා ඉටි රෙද්දකින් වසා රෝහලට යැවිමට පොලිසිය සහ ප්‍රදේශවාසින් කටයුතු කර තිබුණි.
ඔහු පැදවු යතුරු පැදියටද කිසිදු අනතුරක් සිදුව ඇති බවක් නොපෙනේ. මිය තැනැත්තාගේ අතබැදි ඔරලොසුවට පවා කිසිදු හානියක් සිදුව නැත.
යතුරුපැදිකරුගේ වේලාව හොද නැතිවුවද ඔරලෝසුව තවමත් උණුසුම නික්ම නොගිය අත මත රැදි තිබේ.
පහත පළවන්නේ ඒ ගැන ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු තැබු සටහනය.
තලවාකැලේ සිට පුණ්ඩළුඔය දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක තලවාකැලේ, වටගොඩ ප්‍රදේශයේදී අද (01) පෙ.ව. 10.00 ට පමණ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිය පැදවූ අය සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇති බව තලවාකැලේ පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, බුද්ධික චමින්ද වඩුවේගෙදර නැමති තිස්පස්හැවිරිදි අයෙකි.
යතුරුපැදිකරු පුස්සැල්ලාව ප්‍රදේශයේ සිට තලවාකැලේ ප්‍රදේශයට යතුරුපැදිය ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ අයහපත් කාළගුණික තත්වයක් පැවති බවත්, යතුරුපැදිකරු ලිස්සා ගොස් මෙම අනතුර සිදුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන තලවාකැලේ පොලීසිය පවසයි.
ලංගම බස් රථය කොත්මලේ ඩිපෝවට අයත් බවත්, බස් රථයේ රියදුරු සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් බවත් තලවාකැලේ පොලීසිය පවසයි.
ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක