ඌව පරණගම ප්‍රාදේශීය ලේකම්වරයා හට එරෙහි ව අද දින අඹගස්දෝව නගරයේ දී කුමාර පට්ටිය ග්‍රාම නිලධාරී වසමේ ප්‍රදේශවාසීන් පිරිසක් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
විරෝධතා පුවරු රැගෙන ටයර් පුළුස්සා විටින් විට වැලිමඩ උඩපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගයට අවහිර කරමින් පැය දෙකකට අධික කාලයක් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි.
මෙහිදී විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ ප්‍රදේශ ලේකම්වරයා උසාවි නියෝගයක් සහිතව සහ රහිතව වැව් රක්ෂිතයක් බව පවසා වසර අවුරුදු සියයකට අධික කාලයක් තමා දිවි ගෙවූ නිවාස කඩා ඉවත් කළ බව ය. නිවාස අහිමි වීමෙන් දරුවන් සමඟ සමන් මහ පාරට වැටී ඇතැයි උද්ඝෝෂකයෝ කීය.
මෙහිදී ජනතාව පොල් ගසා ප්‍රදේශීය ලේකම් වරයා හට ශාප කරන ලදී. කොපමණ කීවත් මෙහි දුක් ගැනවිල්ල බලධාරීන්ට නොපෙනෙන බව උද්ඝෝෂකයෝ තව දුරටත් කියා සිටියේය. එක්තරා රාජය නිලධාරියෙකුගේ පෙම්වතියගේ නිවසට මාර්ගයක් ලබා ගැනීම සඳහා අපිව මහපාරට ඇද දැමූ බව උද්ඝෝෂකයෝ කීය.
අඹගස්දෝව පොලිසිය මැදිහත් වී විරෝධතා කරුවන් හට ඉදිරි සතිය ඇතුලත බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරන බවට පොරොන්දු වීමත් සමඟ උද්ඝෝෂකයෝ එම ස්ථානයෙන් ඉවත් විය.
මේ සම්බන්ධව ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් chamila indika jayasinghe මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ………….,
“මෙම ග්‍රාම නිලධාරී වසමේ පවුල් 7 වල් පැළෑටිය වැව් රක්ෂිතයේ පදිංචිව සිටිනවා. මොවුන්ට මම කීවා වැව් රක්ෂිත ඉවත් වෙන්න කියලා. ඒකට එකඟ වූ පවුල් දෙකක් එම ස්ථානයෙන් 2016 වන විට ඉවත් වී තිබුණා. ඉතිරි පවුල් පහක් එම ස්ථානයෙන් ඉවත් වීමට කැමති වුණේ නැහැ. එම නිසා ඔවුන්ට නීතිමය පියවර ගැනීමට සිදු වුණා. ඒ අනුව ඉකුත් (13) දා තුන් වැනිදා උසාවි නියෝගයක් අනුව එම නිවාස කඩා ඉවත් කිරීමට මා කටයුතු කළා. ඒ වගේම මෙම නිවසේ පදිංචිව සිටි පුද්ගලයන් සඳහා පර්චස් 15 ක පමණ ඉඩ ප්‍රමාණයක් ලබා දීමට මා කටයුතු කර තිබෙනවා. ඔවුන් ලුණුවත්ත නාගරික ප්‍රදේශයේ පදිංචි කරවීමටයි මා කටයුතු කළේ. එමෙන්ම නිවාස අධිකාරිය හා එක්ව නිවාස ණයක් ලබාදීමට ද කටයුතු කර තිබෙනවා. ඒ එක පවුලක් සඳහා ලක්ෂ හතරක නිවාස ණයක් ලබා දීමටයි. මෙසේ තිබියදී තමයි ඔවුන් අද උද්ඝෝෂණය කළේ. මම මගේ රාජකාරිය හරියට ඉටු කළා මෙයාලා උසාවි නියෝගයට පිටු පහල තමයි මේ අද උද්ඝෝෂණයක නිරත වුණේ. නිවාස අධිකාරියෙන් මෙයාලට අවශ්‍යය ණය සම්බන්ධයෙන් මේ වන විටත් අවසර ලැබී තිබෙනවා. මම මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අනවසර ඉදිකිරීම් සියයකට වඩා අධික ඉවත් කර තිබෙනවා. මාගේ රාජකාරියේ එක් කොටසක් පමණයි මේ” යැයි ප්‍රාදේශීය ලේකම්වරයා කීය.