බණ්ඩාරවෙල සිට මරංගහවෙල කොස්ගම බලා ධාවනය වූ ලංගම බස් රථයක් හපුතලේ උඩු විහාරගල ප්රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන ගල් සහිත වේල්ලක ගැටී අනතුරකට පත්ව තිබේ.
අද පස්වරු 5.30 ට පමණ සිදුවූ මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් එක් අයෙක් මිය ගොස් විසි දෙදෙනෙකු තුවාල ලබා හපුතලේ , දියතලාව හා බදුල්ල රෝහල් වලට ඇතුලත් කර ඇත.
රෝහල් ගත කල අයගෙන් පස් දෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හපුතලේ පොලිසිය සිද්ධිය සම්බන්ධව පරික්ෂණ සිදුකරති.