අඹේවෙල මිල්කෝ කිරි කර්මාන්ත ශාලාවෙන් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පවසමින් අඹේවෙල ව්‍යාපාරයෙන් ජලය ලබා ගන්නා වැලිමඩ ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි වසම් පහක ජනතාව සිය ගණනක් පැය හතරකට අධික කාලයක් අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව වටලා දැවැන්ත විරෝධතාවයක නිරත විය.
මාස 6 ක් තිස්සේ ඇළ මාර්ගයට බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් වගාවට හා දෛනික කටයුතු වලට ජලය ලබා ගැනීමට නොහැකිව ඇති අතර දැඩි පාරිසරික හානියක් සිදුවෙමින් පවතින අතර වසංගත රෝගද පැතිර යන බැව් ගොවිහු කියති.
මේ වන විට ඇළ මාර්ගයේ අඩියක් පමණ නරක් වු කිරි හා අපද්‍රව්‍ය වලින් පිරි ඇති අතර ජලයෙහි පණුවන්ද බෝවී ඇති බවත් අක්කර එක්දහස් පන්සියක පමණ වගා කටයුතු කර ගැනීමට නොහැකිව අසරණව ඇති තමන් දෙස කොපමණ මේ සිද්ධිය සම්බන්ධව දැණුවත් කළද බලධාරින් නොබැලුව බවද විරෝධතාවයට එක්වු ගොවිහු පැවසුහ.