බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවයේ නියුතු පොලිස් බටයෙකු සිය රාජකාරි ගිණි අවියෙන් හිසට වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන තිබේ.
මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රාජකාරියේ නියුතු 24 හැවිරිදි ලක්මාල් ප්‍රියන්ත නැමති පොලිස් නිළධාරියෙකි. අද පෙරවරු 7 ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙන අතර සිය රාජකාරී පිස්තෝලය යොදාගෙන පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන පිවිසුමේ රාජකාරි මුර කුටිය තුල ඔහු මෙසේ දිවිනසා ගෙන තිබේ.
දිවිනසා ගැනීමට පැයකට පමණ පෙර මොහු සිය මුහුණුපොතේ “ මම ගොඩක් මෝඩ වුනා මගේ නංගියා . ඒකට දඩුවම මම විදින්නම් ” , “ මේ ලෝකේ හොදම කෙල්ල හිටියේ මට ” , අම්මේ මම ඔයාට ගොඩාක් ආදරෙයි ” ආදී සටහන් රැසක් තබමින් මෙම සියදිවි නසා ගැනීම සිදුකරගෙන තිබේ.
මිය ගිය තැනැත්තා සිය කණ අසලට පිස්තෝලය හිසට ලන් කරගෙන වෙඩි තබා ගෙන ඇති අතර ඔහු වැටී සිටි කුටියේ මේසය මත ලේ තැවරුන පිස්තෝලය දැකගන්නට ලැබින. අදාල ස්ථානයේ ස්ථානීය පරික්ෂණයක් කල වැලිමඩ වැඩබලන මහේස්ත්‍රාත් එස්.බී.සමරකෝන් මහතා දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා බදුල්ල මහ රෝහලට යොමු කලේය.
සිද්ධිය සම්බන්ධව බණ්ඩාරවෙල කොට්ඨාශය භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි බෝගහකුඹුර පොලිස්යේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.යූ. ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරති.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්. කෝගුලන් )