රටේ වර්තමානයේ ඇතිවි තිබෙන ගැටළු සදහා පුලුල් ජාතික සංවාදයක් ගොඩනැගීමේ අරමුණින් වැලිමඩ හා ඌව පරණගම විහාරාධිපති ස්වාමින් වහන්සේලා එකතුව නව විහාරාධිපති සංගමය ගොඩනැගීම කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද පිරිවෙනේදි සිදුකෙරිණ.
වැලිමඩ හා ඌව පරණගම විහාරාස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු මෙම රැස්විමේදි නව සංගමයේ සභාපති ලෙස බණ්ඩාරවෙල අධ්‍යාපන විද්‍යාපීඨයේ කතිකාචාර්ය ශ්රාස්ත්රපති දික්කාපිටියේ උදය හිමියන්ද කැප්පෙටිපොල ශ්‍රි සෝමානන්ද පිරිවෙනේ පරිවේනාධිපති සහකාර අධ්‍යාපන අධ්යන්ෂක ශ්රාස්ත්රපති විල්ඔය පඤ්ඤාසිහ නා හිමියන්ද පත් වුහ.
මෙහිදි මාධ්‍යයට අදහස් දැක්වු දික්කාපිටියේ උදය හිමියන් පවසා සිටියේ භික්ෂුන්හට අපහස කරමින් රට පරිහානියකට ගෙනියන මෙවන් යුගයක පැත්තකට වි සිටීම භික්ෂුවකගේ කාර්ය භාරය නොවන බවත් සියළු දෙනා එක්සත් කර රට ආරක්ෂා කර ගැනීම සියල්ලගේ කාර්යභාරය බවත්ය.