Home / Articles / ලක්වැසියෙක් වසරකට අජිනමොටෝ ග්‍රෑම් 100 කට වැඩිය කනවා !

ලක්වැසියෙක් වසරකට අජිනමොටෝ ග්‍රෑම් 100 කට වැඩිය කනවා !

1-4-768x512කෘත්‍රීම රසකාරකයක් ලෙස ගැනෙන Monosodium Glutamate (MSG) හෙවත් අජිනමොටෝ නම් සන්නාම නාමයෙන් වෙළෙදපොළට නිකුත් කරන රස කාරකය මේ වසර නිමාවත් සමඟ භාවිතය තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හමියෝ පවසති.
උන් වහන්සේ මේ බව පැවසූවේ කෘත්‍රීම රසකාරක  භාවිතය පිළිබදව  අද (15 දා) උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ පැවති විද්වත් සාකච්ඡාවේදීය.

මවපු රසවලට මිනිසා දක්වන ඇබ්බැහිකම හේතුවෙන් මිනිසා අද වන විට වස මාත්‍රාවට ගෙන මියැදෙමින් සිටින බව රතන හිමි මෙහිදී පැවසීය.

MSG මුලින්ම ලොවට හදුන්වා දෙනු ලැබූවේ  ජපානයේ අජිනමොටෝ සමාගම විසිනි. අජිනමොටෝ අඩංගු බව නිෂ්පාදන පැකට්ටුවේ දක්වා ඇත්තේ E 600 ට අයත් කාණ්ඩ වශයෙනි, සංඛ්‍යා දත්තයන්ට අනුව වසරකට MSG මෙට්‍රික් ටොන් 2000 ක් පමණ ලංකාවට ගෙන්වයි.මෙය මුදලින් ගතහොත් වසරකදී රුපියල් තුන්කෝටි හැට හතර ලක්ෂයක් පමණ වේ.

වර්ෂ 1977න් පසු විවෘත ආර්ථිකය යටතේ මෙරටට ගෙන්වූ  MSG අද වන විට එක් පුද්ගලයෙකු විසින් වර්ෂයක් තුළ 110 g ක් පමණ පරිභෝජනය කරයි. ඇමරිකාව, චීනය, ජපානය ප්‍රමුඛ ලොව ධනවත් රටවල බහුජාතික සමාගම් මගින්  MSG මෙට්‍රික් ටොන් මිලියන ගණන් වෙළෙදපොළට නිකුත් කරන බැවින් සහ ඔවුන් වෙළෙදපොළ පවත්වා ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සූදානම් බැවින්  තරගකාරී වෙළෙදපොළ අභිබවා MSG තහනම් කිරීම ගැටලුවක් වී ඇත.

2-4-768x512

MSG බලපෑම පිළිබදව තවදුරටත් අදහස් දැක්වූ රතන හිමි,

“රස කියන්නේ මානසික උවමනාවක්. බහුජාතික සමාගම් ලාභ උපයන්න මිනිසසුන්ට වස දෙනවා. මිනිස්සු රස නිසා මුලා වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය තවම පිළිගෙන නෑ MSG ශරීරයට අහිතකර වසක් කියලා. නමුත් නියමිත මාත්‍රාවකට ගැනීමට ඔවුන් උපදෙස් ලබා දි තිබෙනවා. ඇත්තම කියතොත් අද ලෝක සෞඛ්‍ය සංවිධානයත් වාණිජ සමාගම් වලට යටත්. ඒ සංවිධානය ගොඩක් හොද දේවල් කරනවා. නමුත් පාරිශුද්ධ නෑ.අජිනමොටෝ කිසි ප්‍රශ්නයක් නැතුව තහනම් කරන්න පුළුවන්. ඒකට ජනතාව දැනුවත් වෙන්න ඕන.ඒ සදහා අජිනමොටෝ අඩංගු ආහාර ද්‍රව්‍ය සදහා වෙනත් නම් භාවිතා නොකර “අජිනමොටෝ ” කියලම යොදන්න පුළුවන් .ඒ වගේම ප්‍රමාණය පිළිබදවත් සඳහන් කරන්න පුළුවන්.අපි මේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් සෞඛ්‍ය අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ලබන වසර වන විට MSG තහනම් කළ යුතුය යන තැනට අපි එනවා” යනුවෙන් අදහස් දැක්වීය.

ඇමරිකානු ආහාර ඖෂධ අධිකාරිය විසින්  MSG “හානිකර බවට පොදුවේ හදුනාගෙන නොමැත” යන කාණ්ඩයට ඇතුළත් කර ඇත්තේ 1995 වසරේ සිටය.ඇමරිකාවට දියුණු ආහාර සංස්කෘතියක් නොමැති වුවද ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් දියුණු ආහාර සංස්කෘතියක් පැවති හෙයින් රස සොයා වස කනවා වෙනුවට ගෙවත්තේම ඇති කුඵබඩු වර්ග යොදා ගනිමින් හිතකර ආහාර වේලක් සකසා ගත යුතු බව සාකච්ඡාවට සහභාගී වූ විද්වත් මණ්ඩලයේ අදහස විය.

මෙම සාකච්ඡාවට එක්වූ ප්‍රවීණ ලේඛක සහ දේශක වෛද්‍ය පාලිත සමන් ජයකොඩි මහතා සදහන් කළේ MSG කාණ්ඩයේ රස කාරක භාවිතා කිරීම නිසා බෝනොවන රෝග වැළදීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි,

පරිසරවේදිනි කාන්චනා වීරකෝන් මහත්මිය සිය අදහස් දැක්වීමේදී කියා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මුණිවත රැකීම විශාල අබිරහසක් බවයි.එමෙන්ම මෙම කර්තව්‍යයේදී මාධ්‍යට විශාල වගකීමක් පවතින බවත් ආහාර සම්බන්ධයෙන් දැවැන්ත චරිත යොදාගෙන වස විකිණිම අප්‍රසාදයෙන් හෙලාදකින බවද ඇය මෙහිදී පැවසීය.

මෙම විද්වත් සාකච්ඡාවේදී ආයුර්වේද වෛද්‍යාචාර්ය රෝහණ ප්‍රිය සුසන්ත ,  උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ උපදේශක ගැමුණු සාලිය පෙරේරා ,මව්බිම ලංකා පදනමේ අධ්‍යක්ෂක වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරුන්ද සිය අදහස් පළකර සිටියහ.

2

සියෙක් වසරකට අජිනමොටෝ ග්‍රෑම් 100 කට වැඩිය කනවා !

කෘත්‍රීම රසකාරකයක් ලෙස ගැනෙන Monosodium Glutamate (MSG) හෙවත් අජිනමොටෝ නම් සන්නාම නාමයෙන් වෙළෙදපොළට නිකුත් කරන රස කාරකය මේ වසර නිමාවත් සමඟ භාවිතය තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හමියෝ පවසති.
උන් වහන්සේ මේ බව පැවසූවේ කෘත්‍රීම රසකාරක  භාවිතය පිළිබදව  අද (15 දා) උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ පැවති විද්වත් සාකච්ඡාවේදීය.

මවපු රසවලට මිනිසා දක්වන ඇබ්බැහිකම හේතුවෙන් මිනිසා අද වන විට වස මාත්‍රාවට ගෙන මියැදෙමින් සිටින බව රතන හිමි මෙහිදී පැවසීය.

MSG මුලින්ම ලොවට හදුන්වා දෙනු ලැබූවේ  ජපානයේ අජිනමොටෝ සමාගම විසිනි. අජිනමොටෝ අඩංගු බව නිෂ්පාදන පැකට්ටුවේ දක්වා ඇත්තේ E 600 ට අයත් කාණ්ඩ වශයෙනි, සංඛ්‍යා දත්තයන්ට අනුව වසරකට MSG මෙට්‍රික් ටොන් 2000 ක් පමණ ලංකාවට ගෙන්වයි.මෙය මුදලින් ගතහොත් වසරකදී රුපියල් තුන්කෝටි හැට හතර ලක්ෂයක් පමණ වේ.

වර්ෂ 1977න් පසු විවෘත ආර්ථිකය යටතේ මෙරටට ගෙන්වූ  MSG අද වන විට එක් පුද්ගලයෙකු විසින් වර්ෂයක් තුළ 110 g ක් පමණ පරිභෝජනය කරයි. ඇමරිකාව, චීනය, ජපානය ප්‍රමුඛ ලොව ධනවත් රටවල බහුජාතික සමාගම් මගින්  MSG මෙට්‍රික් ටොන් මිලියන ගණන් වෙළෙදපොළට නිකුත් කරන බැවින් සහ ඔවුන් වෙළෙදපොළ පවත්වා ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සූදානම් බැවින්  තරගකාරී වෙළෙදපොළ අභිබවා MSG තහනම් කිරීම ගැටලුවක් වී ඇත.

MSG බලපෑම පිළිබදව තවදුරටත් අදහස් දැක්වූ රතන හිමි,

“රස කියන්නේ මානසික උවමනාවක්. බහුජාතික සමාගම් ලාභ උපයන්න මිනිසසුන්ට වස දෙනවා. මිනිස්සු රස නිසා මුලා වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය තවම පිළිගෙන නෑ MSG ශරීරයට අහිතකර වසක් කියලා. නමුත් නියමිත මාත්‍රාවකට ගැනීමට ඔවුන් උපදෙස් ලබා දි තිබෙනවා. ඇත්තම කියතොත් අද ලෝක සෞඛ්‍ය සංවිධානයත් වාණිජ සමාගම් වලට යටත්. ඒ සංවිධානය ගොඩක් හොද දේවල් කරනවා. නමුත් පාරිශුද්ධ නෑ.අජිනමොටෝ කිසි ප්‍රශ්නයක් නැතුව තහනම් කරන්න පුළුවන්. ඒකට ජනතාව දැනුවත් වෙන්න ඕන.ඒ සදහා අජිනමොටෝ අඩංගු ආහාර ද්‍රව්‍ය සදහා වෙනත් නම් භාවිතා නොකර “අජිනමොටෝ ” කියලම යොදන්න පුළුවන් .ඒ වගේම ප්‍රමාණය පිළිබදවත් සඳහන් කරන්න පුළුවන්.අපි මේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් සෞඛ්‍ය අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ලබන වසර වන විට MSG තහනම් කළ යුතුය යන තැනට අපි එනවා” යනුවෙන් අදහස් දැක්වීය.

ඇමරිකානු ආහාර ඖෂධ අධිකාරිය විසින්  MSG “හානිකර බවට පොදුවේ හදුනාගෙන නොමැත” යන කාණ්ඩයට ඇතුළත් කර ඇත්තේ 1995 වසරේ සිටය.ඇමරිකාවට දියුණු ආහාර සංස්කෘතියක් නොමැති වුවද ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් දියුණු ආහාර සංස්කෘතියක් පැවති හෙයින් රස සොයා වස කනවා වෙනුවට ගෙවත්තේම ඇති කුඵබඩු වර්ග යොදා ගනිමින් හිතකර ආහාර වේලක් සකසා ගත යුතු බව සාකච්ඡාවට සහභාගී වූ විද්වත් මණ්ඩලයේ අදහස විය.

මෙම සාකච්ඡාවට එක්වූ ප්‍රවීණ ලේඛක සහ දේශක වෛද්‍ය පාලිත සමන් ජයකොඩි මහතා සදහන් කළේ MSG කාණ්ඩයේ රස කාරක භාවිතා කිරීම නිසා බෝනොවන රෝග වැළදීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි,

පරිසරවේදිනි කාන්චනා වීරකෝන් මහත්මිය සිය අදහස් දැක්වීමේදී කියා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මුණිවත රැකීම විශාල අබිරහසක් බවයි.එමෙන්ම මෙම කර්තව්‍යයේදී මාධ්‍යට විශාල වගකීමක් පවතින බවත් ආහාර සම්බන්ධයෙන් දැවැන්ත චරිත යොදාගෙන වස විකිණිම අප්‍රසාදයෙන් හෙලාදකින බවද ඇය මෙහිදී පැවසීය.

මෙම විද්වත් සාකච්ඡාවේදී ආයුර්වේද වෛද්‍යාචාර්ය රෝහණ ප්‍රිය සුසන්ත ,  උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ උපදේශක ගැමුණු සාලිය පෙරේරා ,මව්බිම ලංකා පදනමේ අධ්‍යක්ෂක වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරුන්ද සිය අදහස් පළකර සිටියහ.

2

About badulla

Check Also

රන්දෙනිගල – රන්ටැඹේ වාන් දොරටු ඇරේ

රන්ටැඹේ ජලාශය (රංජිත් කරුණාවීර) දැඩි වර්ෂාවත් සමග රන්දෙනිගල හා රන්ටැඹේ ජලාශ උපරිම ජල මට්ටම දක්වා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *