බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වන බුද්ධශාසන අමාත්‍යධුරය සදහා කම්කරු හා වෘත්තිය සමිති සබධතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පත් කිරීමට බොහෝ ඉඩකඩ ඇතැයි දේශපාල ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් තවත් ආරංචි මාර්ග සදහන් කරන්නේ තලතා අතුකෝරල අමාත්‍ය වරිය හට අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධූරය ලබා දී රවීන්ද්‍ර සමරවීර මහතා හට ඇය දරණ විදේශ රැකියා අමාත්‍ය ධුරය ලබා දීමට නියමිත බවය.
මේ වන විට පාර්ලිමේන්තුව රැස්ව තිබෙන අතර ඉන් අනතුරුව මෙම පත්වීම් පිළිබදව නිවේදනය කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.