Home / Uncategorized / ගමට පොලිසියෙන් ගිරාඹේ ගමට බස් මගී ආවරණයක් (Photos)

ගමට පොලිසියෙන් ගිරාඹේ ගමට බස් මගී ආවරණයක් (Photos)

ගමට පොලිසිය වැඩසටහනට සමගාමීව වැලිමඩ ගිරාඹේ සිරිපුර ගම්මානයේ ඉදිකල බස්මගී ආවරණය ජනතා අයිතියට පත් කිරීම බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරිණ.

වත්මන් පොලිස් පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම ගමට පොලිසය වැඩසටහනට සමගාමීව වැලිමඩ පොලිස් ස්ථානය මගින් දිවුරුම්වෙල විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පොලිස් ඒකකයක් පිහිටුවා ඇති අතර ඒ මගින් විහාරස්ථානයට යාබධ ගම්මානවල පොදු පහසුකම් සංවර්ධනය , මත්නිවාරණ වැඩසටහන් , ළමා සුභසාධන වැඩසහන් ආදි වැඩසටහන් රැසක් මාසයක කාලයක් පුරා ක්‍රියාත්මක කරමින් සිටින අතර තුර ගිරාඹේ සමගි සුභසාධන සමිතිය හා එක්ව මෙම බස් මගි අවරණය ඉදිකිරිමට කටයුතු කලහ.

මෙම බස් මගී ආවරණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්තාවට වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුරාධ හේරත් මහතා , වැලිමඩ පොලිසියේ නිළධාරින් පිරිසක් , ගිරාඹේ සමගි සුභසාධක සමිතියේ සාමාජිකයින් හා ප්‍රදේශවාසින් පිරිසක්ද එක්ව සිටියහ.

1

2

3

4

5

6

7

( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *