බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් වැලිමඩ හා ඌව පරණගම ප්ර දේශවල ආගමික හා සමාජයීය කටයුතු රැසකට දින දෙකක් පුරා සහභාගි විය.
වංගියකුඹුර ශ්රීණ සුභද්රාේරාම විහාරස්ථානයේදී උඩරට අමරපුර නිකායේ මහා නායක අති පුජ්යම නුවරඑළියේ චන්ද්ර ජෝති හිමියන් මහා නායක ධුරයට පත්විම නිමිත්තෙන් උපහාර උත්සවයක් පැවැතිවින.
මෙහිදී රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ගේ ප්ර දානත්වයෙන් මෙවර ශිෂ්යවත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් බෝධි පුජාමය පිංකමක්ද පැවැත්විය.
පැමිණසිටි පිරිස හට අනුශාසනා කරමින් ඥාණ සාර හිමියන් ප්රංකාශ කර සිටියේ විවිධ බාධක රැසකට ලක්ව ඇති අපගේ මාතෘ භුමිය ඉන් මුදවා ගැනීමට සියළු දෙනා සමගියෙන් එක්විය යුතු බවය.