බොරලන්ද _ බෝගහකුඹුර ප්‍රධාන මාර්ගයේ වැලිඅරාව ප්‍රදේශයේදී ඊයේ (09 දා ) රාත්‍රියේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් රාගම යුධ හමුදා කදවුරට අනුයුක්ත හමුදා සෙබලෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ බොරලන්ද වංගියකුඹුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පැතුම් අනුරංග නැමති අවිවාහක තරුණයෙකි. මෙම හමුදා සෙබලා නිවාඩු ලබා නිවසට පැමිණ සිටි අවස්ථාවක මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා තිබේ. තම නිවසට පැමිණි මිතුරෙකු ආපසු ඇරලවීමට ගොස් නැවත එන අතරතුර මෙම අනතුරට ලක්ව තිබේ.
මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර මාර්ගයේ ගමන් ධාවනය වූ වෙනත් වාහනයකින් මෙම යතුරු පැදිකරු හප්පා පලා ගොස් ඇති බවට පොලිසිය සැක කරන අතර මේ වන විට ඒ සම්බන්ධව පරික්ෂණ ආරම්භ කර තිබේ.
බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුරාධ හේරත් මහතාගේ හා බෝගහකුඹුර පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රත්නසේකර මහතාගේ මූලිකත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් මේ සම්බන්ධව වැඩිදුර පරික්ෂණ සිදු කරයි.