වැලිමඩ ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුල සිදුවූ කොල්ලකෑම් රැසකට සම්බන්ධ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලිසිය සමත්ව තිබේ.
පසුගිය දිනක වැලිමඩ දික්කාපිටිය නිවසක සිදුවූ සොරකමක් සම්බන්ධව කල විමර්ෂණයකදී මෙම තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්ණ කිරීමකදී පසුගිය දිනක වැලිමඩ සමෘද්ධි බැංකු සංගමයටද හොර රහසේ මොහු ඇතුල් වී ඇති බව අනාවරණය වි තිබේ. සැකකරු කොටවෙර ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මොහු සන්තකයේ තිබී සොරාගන්නා ලද ජංගම දුරකථන 10 ක් , රුපියල් අනූ දහසක මුදලක් , රුපියල් ලක්ෂ දෙකකට ආසන්න රන් ආභරණ හා සොරකම් කිරීමට භාවිතා කල උපකරණ රැසක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බණ්ඩාරවෙල කොට්ඨාශභාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුරාධ හේරත් මහතාගේ මූලිකත්වයෙන් පොලිස් සැරයන් සේනාරත්න ( 5395 ) , පො:සැ: ප්‍රේමලාල් ( 1751 ) , නන්දසේන හා පො:කො: සෙල්වම් ( 67995 ) නිළධාරින් විසින් මෙම මෙහෙයුම් සිදු කලහ.
සැකකරු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.