උමා ඔය බහු කාර්ය යෝජනා ක්රගමයෙන් සිදුව ඇති මහා විනාශයට එරෙහිව මේ මස 28 වන දින ප්ර දේශයේ ජනතාව බණ්ඩාරවෙල නගරයේදී පැවැත්වීමට නියමිත විරෝධතා ව්යාිපාරය අත්හිටුවන ලෙස බණ්ඩාරවෙල පොලිසිය මගින් අධිකරනයට කරුණු වාර්තාකර තහනම් නියෝගයක් ලබා ගැනිමට කටයුතු කලද බණ්ඩාරවෙල මහේස්ත්රා ත් අධිකරණය මගින් එය ප්රයතික්ශේප කරන ලදී.
මෙහිදී බණ්ඩාරවෙල නීතිඥ සංගමය අධිකරණයට කරුණු වාර්තා කරමින් පෙන්වා දුන්නේ පොලිසියේ එම ඉල්ලීම අවිධිමත් බවත් මහ ජනතාවට සිදුව ඇති හානියට එරෙහිව විරෝධතා දැක්වීමේ අයිතියක් ඇති බවත්ය.
නිතිඥ සංගමයේ කරුණු සලකා බැලූ මහේස්ත්රානත් වරයා පොලිසියේ ඉල්ලීම නිෂ්ප්රනභා කලේය.
බණ්ඩාරවෙල නීතිඥ සංගමයේ වෙනුවෙන් අදහස් දැක්වූ අමිල රණතුංග මහතා මාධ්යරයට කියා සිටියේ උමා ඔය අවිධිමත් ව්යාලපාරය හේතුවෙන් බණ්ඩාරවෙල ජනතාවට සිදුව ඇති හානිය සම්බන්ධව තම නිතිඥ සංගමය ඉදිරිපත්ව සෑම ආකාරයකින්ම ජනතාවට සහයෝගය දක්වන බවය.