Home / Uncategorized / සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව 80 ක් වැලිමඩ දරු දැරියන්ට (Photos )

සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව 80 ක් වැලිමඩ දරු දැරියන්ට (Photos )

වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම් ලාභී පවුල් වල අපොස උසස් පෙල හදාරණ දුවා දරුවන් සදහා සමෘද්ධි සිප්දොර ශීෂ්‍යත්ව ප්‍රධානය ඊයේ ( 22 දා ) වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.

වැලිමඩ සමෘද්ධි මූලස්ථාන කළමණාකරු ටී.බී.ජී. තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනේදී අඩු ආදායම් ලාභී පවුල් 80 ක දුවා දරුවන් සදහා ශිෂ්‍යත්ව පිරිනැමීය. එක් ළමයෙක් සදහා මාසිකව රුපියල් 1500 බැගින් උසස් පෙල හදාරණ වර්ෂ දෙකක කාලය සදහා ශිෂ්‍යත්වය හිමිවන අතර මේ යටතේ ඊයේ දින රුපියල් විසිඅටලක්ෂ අසූදහසක් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමින. මේ සදහා සමෘද්ධි සමාජ ආරක්ෂන අරමුදලින් මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලදී.

මෙම අවස්තාවට වැලිමඩ සමෘද්ධි මූලස්ථාන කාර්යලේ සමාජ ආරක්ෂන නිළධාරිනියන් වන ගංගා සංජීවනී , යමුනා ප්‍රියදර්ශණි මහත්මීන්ද සමෘද්ධි සංවර්ධන නිළධාරින් වන මල්ලිකා ඉංද්‍රානි හා එස්.එම්. මුතුබංඩා යන මහත්ම මහත්මීන්ද ශිෂ්‍යත්ව ලාභී දුවා දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.
1

2

3

4

5

6

7

8
( මංජුල සමින්ද )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *