වැලිමඩ මූලික රෝහලට දරු ප්‍රස්‍රතියට ඇතුලත් කල තම දියණියට රෝහලේ වාට්ටුවේ එම අවස්ථාවේ සේවය කල හෙදියන් බැනවැදී මරා දමන බවට තර්ජනය කල බව පවසා වැලිමඩ,දඹවින්න ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු වැලිමඩ පොලීසියට පැමිනිල්ලක් කර තිබේ.
විසිහතර හැවිරිදි එක් දරු මවක් වන තම දියණිය පසුගිය 7දා වැලිමඩ මූලික රෝහලට දරු ප්‍රස්‍රතියට ඇතුලත් කල බවත් 8දා දරුවෙකු ප්‍රසුත කල බවත් වම අවස්ථාවේ දී හෙදියන් අශීලාවාර ලෙස බැනවැදී මරා දමන බවට තර්ජනයකල බවත් පැමිනිලි කර තිබේ.
දරු ප්‍රස්‍රතියට පසු ලේ වහනය අධිකව සිදුව අපහසුව වේදනාවෙන් කෑගසන විට දී මෙම සිදු වීම සිදුව තිබෙන අතර අදාල කාන්තාව පසුව බරපතල තත්වයෙන් බදුල්ල මහ රෝහළට මාරු කර යවා ඇති අතර මේ වන විට එහි බරපතල තත්වයේ පසුවෙති.
සිද්ධිය පිළිබදව වැලිමඩ පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂන පැවැත්වේ.
වැලිමඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී රොහාන් මාපා මහතාගෙන් මේ පිලිබදව විමසූවිට දී ප්‍රකාශ කලේ මෙම පොලීස් පැමිනිල්ල පිළිබදව තමන් මෙතෙක් කිසිවක් නොදන්නා බවත් අදාල අයට මේ පිළිබදව තමන් හට ද පැමිනිලි කිරීමට තිබූ බවත්ය.
Check Also
ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...