බදුල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයට කෙනෙකු නොමැති නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් තමන් පත් කල බැව් ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
මන්ත්‍රී වරයා මෙසේ පැවසුවේ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය
“අද බදුල්ල දිස්ත්‍රික්කයේ ඩිලාන් පෙරේරා , නිමල් සිරිපාල ද සිල්වා , චාමර සම්පත් , ලක්ෂ්මන් සෙනෙවිරත්න වගේ හැමෝම ඉන්නේ අනෙක් පැත්තේ. හැබැයි නායක මට්ටමේ කට්ටිය අනෙක් පැත්තේ හිටියට ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරු අතුළු ජනතාව ඉන්නේ අපේ පැත්තේ. මේ දිස්ත්‍රික්කයේ ආසන නවයේම සංවිධාන කටයුතු කරගෙන යන කොට මට ඒක පෙනෙනවා. මහින්ද මහත්තයාගේ ඉල්ලීම අනුව ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදීම ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්යේ ජයග්‍රහණය කරන්න තමයි සංවිධාන කටයුතු අපි කරන්නේ.
( ප්‍රේමලාල් රත්නායක / ආර්. කෝගුලන් )