වැලිමඩ බොරගස් ප්‍රදේශයේ තම දහතුන් හැවිරිදි දියනියට ලිංගික අතවර කල බවට සැක පිට අධිකරණයට ඉදිරිපත් කල පුද්ගලයෙකු මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් වරයා නියෝග කලේය.
මෙසේ බනධනාගාර ගත කෙරුනේ බොරගස් මුදුන්පිටගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරු වර්සයක පමණ කාලයක සිට සිය දියණිය හට ලිංගික අතවර සිදු කර ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලිව තිබේ. දැරිය සැකකරුගෙන් සිදුවන ලිංගික අතවර පිළිබද සිය මවට පැවසීමේන් අනතුරුව ඔවුන් වැලිමඩ පොලිසියට සිදු කරන ලද පැමිණිල්ල අනුව විමර්ශණ ආරම්භ විය. සිද්ධියට සම්බන්ධ දැරිය වෛද්‍ය පරික්ෂණයක් සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )