Home / Uncategorized / අධිකරණයෙන් මස් කඩ හිමියාට හිමිවූ ගවයාට වැලිමඩ පොලිසියෙන් අභය දානය (Photos)

අධිකරණයෙන් මස් කඩ හිමියාට හිමිවූ ගවයාට වැලිමඩ පොලිසියෙන් අභය දානය (Photos)

අධිකරනයෙන් මස් කඩ හිමියෙකු හට හිමි වූ ගවයෙකු රුපියල් හැටදහසක මුදලක් ගෙවා ඉන් මුදවා ගෙන ගොවියෙකු හට ඇති කිරීම සදහා ලබා දීමේ පුන්‍ය කර්මයක් වැලිමඩ පොලීසිය මගින් සිදුකරන ලදි.

වැලිමඩ ,බොරගස් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතනාගාරයක් බණ්ඩාරවෙල දූෂණ මර්ධන අංශය මගින් මීට මාස හතරකට පෙර වටලා සුළු මොහොතකින් මරා දැමීමට සිටි මෙම කිරි එළ‍දෙන ඉන් මුදවා ගත් අතර කිරි එළ‍දෙනගේ අයිතිය ඉල්ලා මස් කඩහිමියා අධිකරනයේ නඩුවක් පවරන ලදි.නඩුවේ තීනදුව පැමිනෙන තෙක් කිරි එළ‍දෙන හදාවඩා ගන්නා ලද්දේ වැලිමඩ පොලීසිය තුල පොලිස් නිළධාරීන් විසිනි.

මස් කඩහිමියා හට කිරි එළ‍දෙනගේ අයිතිය හිමිවූ අතර මෙම අවස්ථාවේ දී පොලිස් නිළධාරීන් මුදල් යොදවා රුපියල් හැටදහසක මුදලක් මස් කඩහිමියා වෙත ගෙවා කිරි එළ‍දෙන මරනයෙන් මුදවා ගෙන වෙසක් පොහොය දින වැලිමඩ පොලීස් ස්ථානයේ දී ගොවියෙකු හට ඇති කිරීම සදහා ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට බණ්ඩාරවෙල කොට්ඪාශය භාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ, බණ්ඩාරවෙල කොට්ඪාශය භාර සහකාර පොලිස් අධිකාරී 2 එම්.ගුණරත්න ,වැලිමඩ පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් යන මහත්වරුන් අැතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

gava 1

gava 2

gava 3

gava 4
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *