අලෙවිය සදහා ගංජා තොගයක් ලග තබා ගෙන සිටි කටුගල්ල ප්රදේශයේ දෙදරු මවක් අත්අඩංගුවට ගැනීමට ඌව පරණගම පොලිසිය සමත්ව තිබේ.
පොලිසියට ලද තොරතුරක් මත කල හදිසි වැටලීමකදී අදාල සැකකාර දෙදරු මවගේ නිවසේ මුළුතැන් ගේ ලිප ආසන්නයේ මෙම ගංජා තොගය සගවා තිබියදී පොලිසිය මගින් සොයා ගෙන තිබේ. මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බවත් තණමල්විල ප්රදේශයේ සිට මේවා ගෙන එන්නට ඇති බවද මූලික පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වී ඇති අතර සැකකාරියගේ සැමියාගේද සහය මේ ජාවාරම සදහා ලැබෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධව ඌව පරණගම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරති.