මහියංගණය ආදා උල්පත 16 කනුව ප්රදේශයේ බලපත්ර නොමැතිව ඡංගම ඉරුම්හලක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මහියංගනය මාපාකඩවැව ප්රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා 22 සහ 31 යන වයස් වල පසුවන බවත් සැකකරුවන් සමග ඉරුම් උපකරණද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
ඒ අතර මහියංගණය සොරබොර ඡනපදයේ අක්කර 80 ප්රදේශයේ බලපත්ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි ගොඩ දැමු බව කියන 31 හැවිරිදි පුද්ගලයෙකු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු මහියංගනය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කල බවද පොලිසිය පවසයි.
සැකකරු සමග ටැක්ටරයක් සහා වැලි ගොඩ දැමු බව කියන සවලක්ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.