Home / Uncategorized / වැලිමඩ පොලිස් ස්ථානාධිපතිගේ රාජකාරියට බාධා කල දෙදෙනෙකු අත්අඩංගුවට _ තවත් අය සොයා පරික්ෂණ

වැලිමඩ පොලිස් ස්ථානාධිපතිගේ රාජකාරියට බාධා කල දෙදෙනෙකු අත්අඩංගුවට _ තවත් අය සොයා පරික්ෂණ

වැලිමඩ යල්පත්වල ප්‍රදේශයේ පසුගිය 19 වන දා වොලිබෝල් පිටියක් සම්බන්ධව විරෝධතාවයක් පවත්වා වැලිමඩ පොලිස් ස්ථානාධිපති වරයාගේ රාජකාරියට බාධා කර අපහස වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කලේය.

තම රාජකාරිය ඉටුකිරීම වැලික්වීම සදහා රජයේ නිළධාරියෙකුට සාපරාධි බලහත්කාරය , අයුතු ජන රාශිය , පොදු ජනතාවට අවහිරයක් වන සේ හැසිරීම යන කරුණු මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබින.

ව්‍යාපාරිකයෙකුට සින්නක්කර අයිතිය තිබෙන ඉඩමක තමන් වර්ෂ 40 ක් තිස්සේ වොලිබෝල් ක්‍රීඩා කල බව පැවසු විරෝධතා කරුවෝ පොලිස් ස්ථානාධිපති වරයා එම සිද්ධියේදී නීතිය හරියාකාරව ඉටු නොකල බව පවසමින් විරෝධතා කරුවෝ ඔහුට අනියම් ආකාරයෙන් බලපෑම් කරමින් අපහාසාත්මක ලෙස කටයුතු කර තිබීම මේ සදහා හේතුවක්ද වී තිබින.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ආරම්භ වී ඇති අතර පොලිස් ස්ථානාධිපති වරයා හට අපහාසාත්මක පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබීම පිළිබදවද මෙහිදී අධිකරණයට කරුණු වාර්තා කර තිබින.

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / රත්නම් කෝගුලන් )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *