Home / Uncategorized / උමා ඔයේ පල් වතුරෙන් වැලිමඩ ආපන ශාලා වල කෑම හදනවා _ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය කියයි

උමා ඔයේ පල් වතුරෙන් වැලිමඩ ආපන ශාලා වල කෑම හදනවා _ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය කියයි

වැලිමඩ නගරයේ පිහිටි ඇතැම් ආපන ශාලා වලින් ජනතාවට ලබා දෙන ආහාර පාන සැකසීමට යොදා ගන්නේ උමා ඔයේ අපවිත්‍ර ජලය බැව් වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනි සුභාෂිණී සමන්කුමාරි බස්නායක මහත්මිය පැවසුවාය.

ඇය මෙසේ සදහන් කලේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රදේශීය සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වෙමිනි.

වැලිමඩ නගරයේ බැහැර කරන වැසිකිළි , හා විවිධ අපද්‍රව්‍ය හේතුවෙන් මේ වන විට උමා ඔයේ ජලය ප්‍රයෝජනයට ගත නොහැකි අන්දමින් දැඩි ලෙස දූෂණය වී තිබෙන අතර බොහෝ කැළි කසල රාත්‍රියේ හා දහවල් කාලයේ ටොන් ගනන් බැහැර කරන්නේ උමා ඔයටය.

නගරයේ ඇතැම් ආපන ශාලා හිමියන් ජනතාවගේ සෞඛ්‍ය ගැන නොසිතා මෙම ජලය යොදා ගනිමින් ආහාර පිසීම සහ වෙනත් කටයුතු වලට යොදා ගැනීම හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යට දැඩි තර්ජනයක් වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය පැවසුහ.

මේ වන විට මෙවැනි ක්‍රියා සිදු කල ආපන ශාලා හිමියන් කිහිපදෙනෙකුට නීතිමය කටයුතු සිදු කර ඇතැයි පැවසු වෛද්‍ය නිළධාරි වරිය ප්‍රකාශ කර සිටියේ මෙවැනි වැරදි ක්‍රියා සිදු කරන ආපන ශාලා හිමියන් පිළිබදව තමන් හට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටියේය.

P1430424

S3390001

S3390002

S3390003

S3390004

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *