වැලිමඩ ප්‍රධාන බස් නැවතුම් පොළෙහි පිහිටි පොලිස් මුර පොල වට කර ව්‍යාපාරිකයෙකු විසින් තම ව්‍යාපාරික ස්ථානය තම වෙළදසැල මහල් සහිතව ඉදිකිරීම මාධ්‍ය මගින් හෙලිකලද එම ඉදිකිරීම පිළිබදව මෙතෙක් වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයා විසින් සොයා බැලීමට කටයුතු යොදා නොමැත.
ප්‍රධාන බස් නැවතුම් පොලේ පැති බැම්මටද හානි වන ලෙස මෙම ඉදිකිරීම මහ දහවල් ප්‍රසිද්ධියේ සිදු කරමින් පැවතියද ප්‍රාදේශීය සභා ලේකම් වරයා ඒ පිළිබදව තමන් හට පැමිණිල්ලක් මෙතෙක් නොලැබුන බව පවසා මග හරිමින් සිටින්නේ මන්දැයි ජනතාව ප්‍රශ්ණ කරති.
පෞද්ගලික බස් සංගම් වලට කාර්යාලයක් පවත්වාගෙන යෑමට පවා ඉඩ ලබා නෙදෙන ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිළධාරින් බස් නැවතුම් පොලෙහි ඉදි කරනු ලබන මෙම ඉදිකිරීම සිදු කිරීම පිළිබදව වචනයක් වත් ප්‍රකාශ කරන්නේ නොමැත. මෙම නීති විරෝධී කටයුත්ත සදහා ඇතැම් දූෂිත නිළධාරින් කිහිප දෙනෙකුගේ සහය ලැබෙන බව අවංක රාජ්‍ය නිළධාරින් පිරිසක් අප සමග පැවසුහ.
නගරයේ පදික වෙලෙදුන්හට හා දෛනික ආදායම් ලබන ජනතාවට මහ ඉහලින් නීතිය ක්‍රියාත්මක කිරීමට වෙර දරන ප්‍රාදේශීය සභා ලොක්කන් මෙම ඉදිකිරීම පිළිබදව මුනිවත රකින්නේ කිමද කියා ප්‍රදේශයේ ජනතාව හොදාකාරවම දනිති.