වැලිමඩ දිවුරුම්වෙල පුරාණ රාජමහා විහාරස්ථානයේ ඉපැරණි බෝගස ඉරා ලෑලි ඉරූ බවට රක්ෂිත බන්ධණාගාර ගත කර සිටින හිටපු විහාරාධිපති උණපානේ චන්දවිමල හිමියන් නැවත විහාරස්ථානයට එපා යැයි පවසමින් විහාරස්ථානයේ දායක පිරිස විරෝධතාවයේ නිරත වූහ.
ආගමික වගාවත් වලින් අනතුරුව විරෝධතා සටන් පාඨ පුවරු රැගත් විරෝධතා කරුවෝ වැලිමඩ නුවරඑළිය මාර්ගය ඔස්සේ සාප්පුකඩේ මන්සන්ධියට පැමිණ නැවත විරෝධතා පෙළපාලියෙන් විහාරස්ථානය අසලට පැමිණියහ.
මෙහිදී ප්‍රදේශය පුරා කළු කොඩි ඔසවා තිබුනු අතර මේ මහා විනාශය සිදු කල විහාරාධිපති හිමියන් හට යලි කිසි දිනෙක විහාරස්ථානයට පැමිනීමට ඉඩ නොදෙන බැව් විරෝධතා කරුවෝ පැවසුහ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )