Home / Uncategorized / කැඩෙට් නිලධාරියාගේ සිරුර වසර දෙකකට පසු ගොඩ ගනී

කැඩෙට් නිලධාරියාගේ සිරුර වසර දෙකකට පසු ගොඩ ගනී

දියතලාව යුද හමුදා කඳවුරේදී ගෙල වැළලාගෙන මිය ගියැයි යුද හමුදාවෙන් කී ආධුනික කැඩෙට් නිලධාරියාගේ සිරුර දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා වසර දෙකකට පසු ලබන සඳුදා (13) යළි ගොඩ ගන්නා බව රහස් පොලිසිය කියයි.

කොළඹ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්, අධිකරණ වෛද්‍ය විශේෂඥ එම් පී හේවගේ සහ රාගම අධිකරණ වෛද්‍ය විශේෂඥ හඳුන් විජේවර්ධන මහත්වරුන් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

ලහිරු රංජන ප්‍රනාන්දු නම් එම කැඩෙට් නිලධාරියාගේ සිරුර තැන්පත් කර ඇති වැලිවේරිය සුසාන භූමියට පොලිස් ආරක්ෂාව තර කර ඇති බව රහස් පොලිස් ආරංචි කියයි.
348-mysterious-death-diyathalawa-cadet-officer984461077
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වන ලහිරු රංජන 2015 ජුනි මාසයේදී දියතලාව කඳවුර තුළදී මිය ගියේය. මෙය සිය දිවි හානි කර ගැනීමක් බව යුද හමුදාව කියා තිබුණද මෙම සිදුවීමේදී අපරාධයක් වී ඇතැයි මරණ පරීක්ෂණයේ සාක්කි විභාගයෙන් පසු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.

(ආර්. කෝගුලන්)

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *