මාර්තු මස 13 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය ප්‍රදේශයේ පැවැත්වීම නියමිත ඔප්පු බෙදා දීමේ උත්සවය සදහා ඌව පළාත් සභාව මගින් රුපියල් එක්කෝටි පන්ලක්ෂ දස දහසක මුදලක් වැය කිරීම මූල්‍ය අර්බුදයක් පවතින අවස්තාවක රටකට සාධාරනදැයි ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රශ්ණ කර සිටි.
මෙම උත්සවය සදහා මීට පෙර රුපියල් නවලක්ෂ දස දහසක මුදලක් පළාත් සභාවෙන් වෙන් කර ඇති අතර එය ප්‍රමාණවත් නොවන බව පවසා ප්‍රධාන අමාත්‍යවරයා විසින් රුපියල් අනූ හය ලක්ෂයක පරිපූරක ඇස්තමේන්තුවක් නැවත පළාත් සභාවට ඉදිරිපත් කර තිබේ. මෙසේ පරිපූරක ඇස්තමේන්තුවක් නැවත ඉදිරිපත් කිරීම නිති විරෝධි බව පැවසූ සමන්ත විද්‍යාරත්න මහතා ජවිපෙ මේ සදහා විරුද්ධවූවත් ඌව පලාත් සභාවේ යූඑන්පී හා ශ්‍රීලංකා හවුල එකතුවී අදාල මුදල සම්මත කර ගත් බව පැවසීය.
මහින්ද රාජපක්ෂ යුගයේ මුදල් නාස්තිය ගැන කථා කල උදවිය පෙර පරිදිම මෙසේ පළාතේ ජනතාවගේ සුභ සිද්ධිය සදහා වෙන් කර තිබූ මුදල් මෙවැනි උත්සවයක් සදහා යොදා ගැනීම යහ පාලනයදැයි සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් ප්‍රශ්ණ කර සිටියේය.