බිබිලිගමුව ගම්මානයේ දශක ගණනාවක් තිස්සේ කෘෂි රසායන භාවිතා කර උඩරට එළවළු හා අර්තාපල් වගා කර ගොවීන් විසින් අක්‍රමවත් ලෙස පරිසරයට බැහැර කරන ලද කෘෂි රසායන ඇතුළු අපද්‍රව්‍ය ලොරි ගණනක් දින දෙකක ශ්‍රමදානයකින් පසුව ප්‍රදේශවාසීන් විසින් ඉවත් කරන ලදී.
බිබිලිගමුව අවමංගල්‍යාධාර සමිතිය සංවිධානයෙන් පැවති මෙම වැඩසටහනට ප්‍රදේශවාසීන්ගෙන් මූලිකත්වයෙන් මහා සංඝරත්නය , වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න මහත්මිය හා පොලිසිය මෙන්ම ගම්මානයේ රාජ්‍ය නිළධාරින් රැසක්ද එක්ව සිටියහ.
ප්‍රදේශයේ ගොවීන් ජල මුලාශ්‍ර ඇතුළු පාරිසරික සංවේදී ප්‍රදේශ රැසකට දශක ගණනාවක් තිස්සේ අධික විෂ සහිත බැහැර කර තිබූ කෘෂි රසායනික අපද්‍රව්‍ය ලොරි ගණනක් මෙහිදී පරිසරයෙන් නැවත මුදා ගනු ලැබීය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න මහත්මිය ප්‍රකාශ කර සිටියේ බිබිලිගමුව ජනතාවගේ මෙම ක්‍රියාව ගැන තමන් දැඩි සතුටට පත් වන බවත් අනාගත පරපුර වෙනුවෙන් ප්‍රදේශයේ සෑම ගම්මානයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවය.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )