Home / Uncategorized / චෙන්සෝ නීතියෙන් ජනතාවට පීඩා

චෙන්සෝ නීතියෙන් ජනතාවට පීඩා

යාන්ත්‍රික කියත් ( චෙන්සෝ ) භාවිතා කර දැව ඉරීම සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය තත්වය හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇතැයි ජනතාව කියයි.

පවතින නීතිමය තත්වය අනුව චෙන්සෝ භාවිතා කර සිදුකල හැක්කේ දැව කදන් කිරීම පමණි. දැව කදන් කර ඉරීම සදහා ලී මඩුවකට රැගෙන යා යුතු අතර මෙය කිසිසේත්ම කල නොහැකි දෙයක් බැව් ජනතාව කියති.

ප්‍රදේශවාසියෙකු වන ඩී. අබේසේකර මහතා මෙසේ පැවසීය.
මේ වන විට අත් කියත් වලින් ලී ඉරණ ඉරුම් කාරයෝ නෑ. මිනිස්සු ගෙයක් හදා ගන්න තමයි ලී ටිකක් දැන් ඉරා ගන්නේ . පවතින නීතිය අනුව චෙන්සෝ වලින් දැව කදන් කරලා ලී ඉරව්වොත් නීතියෙන් අපිට කටයුතු කරනවා. පවතින නීතිය අනුව අපේ වගේ කදු හෙල් තියෙන් දුෂ්කර භුවිෂමතාවක් තියෙන ප්‍රදේශවල තියෙන විශාල කදන් අවශ්‍ය දැව ප්‍රමාණය ඉරා ගන්න කොහොමද ලී මඩුවට ගෙනියන්නේ. මේ තත්වයෙන් මිනිස්සු ගෙයක් හදා ගන්න ලී ටිකක් ඉරා ගන්න බැරිව අසරණ වෙලා ඉන්නේ. අපි බලධාරින්ගෙන් ඉල්ලන්නේ නීතමය අධීක්ෂනයක් යටතේ අපේ අවශ්‍යතාවයට අවශ්‍ය ලී ටික ඉරා ගන්න චෙන්සෝ භාවිතා කරන්න ඉඩ දෙන්න කියලා.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *