කරාතේ ක්‍රීඩාව මෙන්ම ජීවිතයද ජයගත් කරාතේ ශුරයෙකු ලෙස ඌව පරනගම බෙරලිය පොල පදිංචි පියතිස්ස අලවත්ත මහතා හැදින්විය හැකිය.
යුනිවර්සල් ෂොටෝකාන් කරාතේ සංගමයේ ලංකාවේ ප්‍රධාන උපදේශකයා වන ඒ මහතා කරාතේ ක්‍රීඩාවේ නිරත වන අතරම 2011 සිට 2014 දක්වා ජාතික කෘෂි මණ්ඩලය මගින් තේරූ බදුල්ල දිස්ත්‍රික්කයේ හොදම ගොවියා ලෙස සිව් වතාවක් සම්මාන දිනා තිබේ.
මේ වන විට සිසුන් සියගණනකට කරාතේ ක්‍රීඩාව උගන්වන උපදේශකයෙකු වන ඒ මහතා ඒ අතර තුර දිරියෙන් ජීවිතය ජයගත් ශුර ගොවියෙකුද වේ. මී මැසි පාලනය , එළවළු හා පළතුරු වගාව , කුකුළු පාලනය , ගව පාලනය , තේ වගාව , බුලත් වගාව ආදී කටයුතු රැසක ඒ මහතා නිරත වේ.
පියතිස්ස අලවත්ත මහතා බදුල්ල නිවුස් සමග මෙසේ පැවසීය.
මම බොහොම දුක් විදලා මේ තැනට ආපු කෙනෙක්. අම්මයි අක්කයි එක්ක ජීවිත සටන ගෙනියන්න මම වත්තේ දළු පවා කැඩුවා. අපේ ගම්මානයේ කුලී වැඩ කරපු කුඹුරක් නැති තරම්. මෙහෙම බොහොම අමාරුවෙන් ජීවිතය පටන් ගත්තේ. කරාතේ ක්‍රීඩාව හදාරන්න මම බස් එකට සල්ලි නැතිව පයින් ආපු වාර අනන්තයි වැලිමඩ නගරයේ ඉදලා. අපි ජීවත් වුනේ කටු මැටි ගහපු පොල් අතු පැලක. එහෙම ඉදලා විදේශ රටවල පවා ගිහින් මේ වන විට මම කරාතේ ක්‍රීඩාවෙන් දක්ෂයින් රැසක් විවිධ ක්ෂේත්‍රයන්ට හදුන්වා දී තිබෙනවා. ජයග්‍රාහන රැසක් ලබාගෙන තිබෙනවා. ඒ එක්කම ජීවිත සටන ගෙනියන්න තමයි මම වගා කටයුතු ආරම්භ කලේ. මේ වන විට මගේ හැකියාවෙන් සම්මාන දිනා ගත් ගොවියෙකුගේ තත්වයට පත්වුනා. මම පුළුවන් විදිහට මට හැකි අයුරින් හැමෝටම උදව් කරනවා. කාට වුනත් උත්සහය කැපවීම ඇත්නම් ජීවිතය ජයගන්න පුළුවන් කියන එකයි මගේ හැගීම.
පියතිස්ස අලවත්ත මහතා ගත කල කටුක ජීවිතය සම්බන්ධව අප සමග මෙසේ කවියෙන් පැවසීය
හොර කොස් කඩ කඩා අපේ අල්ලපු වත්තේ
මම කල් ගෙවු හැටි මගේ මතකයේ ඇත්තේ
පෙර පිනකට තමයි ටවුමට පැන ගත්තේ
කවියෙකු වුනේ එලෙසයි ඉහලම තත්වේ
එගොඩැහැ ගොඩේ වලව්වේ කිරි දෙයියාට පොඩි
කලිසම් කමිස පමනක් සියයකට වැඩි
මට එක කලිසමයි එහි බොත්තමකුත් කැඩි
අපේ අම්මාට නෑ හැමදාමත්ම පඩි
පියතිස්ස අලවත්ත මහතාගේ දුරකථන අංකය – 071 7736503
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )