ගණිතය හැදෑරීම සිසුන් හට පහසු කිරීම හා සරලව අවබෝධ කිරීම උදෙසා තම නව නිර්මාණ ලෙස ගණිතය හැදෑරීමේ උපකරණ රැසක් විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් වන වැලිමඩ නාවෙල ප්‍රදේශයේ පදිංචි ඒ.ආර්. සමරවීර මහතා නිර්මාණය කර තිබේ.
2010 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම මත සමරවීර මහතා මෙම උපකරණ නිර්මාණය කර තිබේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය , සම්භාවිතාවය , නිකිල එකතු කිරීම , ත්‍රිකෝණ වර්ගඵලය සෙවීම ආදී ගණිතයට සම්බන්ධ විෂය ගැටළු රැසක් සිසුන්ට පහසුවෙන් අවබෝධ කර ගැනීම සදහා මෙම නව උපකරණ ඉවහල්ව තිබේ.
විවිධ අමුද්‍රව්‍ය යොදා ගෙන සමරවීර මහතා සිය නිවසේදීම මෙම නව උපකරණ නිපවන අතර ඒවා දිවයින පුරා පිහිටි බොහෝ පාසල් වලට ගණිතය හා විද්‍යා විෂය ඉගැන්වීම සදහා ලබා දෙති.
සමරවීර මහතා බදුල්ල නිවුස් වෙත මෙසේ පැවසීය.
ගණිත සංකල්පයක් ඉතා පහසුවෙන් සිසුන්ට මෙම නව උපකරණ මගින් තහවුරු කරගෙන ඉගෙන ගන්න පුළුවන්. අධ්‍යාපන මට්ඨමත් ඉහල යනවා. මෙම උපකරණ භාවිතයෙන් සිසුන්ගේ දැණුම මට්ටම ඉහල යනවා. ලංකාව පුරා සිසුන්ගේ දැණුම වර්ධනය කිරීමට මේවා ලබා දීම තමයි මගේ අරමුණ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )