තොරතුරු දැන ගැනීමේ පනත ජනතාව අතරට ගෙන යෑමේදී මාධ්‍යවේදීන් සුවිශේෂ කාර්ය භාරයක් සිදු කල යුතුව ඇතැයි ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතා පවසයි.
ආණ්ඩුකාරවරයා මෙසේ සදහන් කලේ තොරතුරු දැන ගැනීමේ පනත පිළිබදව බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැණුවත් කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල වැඩසටහනකදීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා
ශ්‍රී ලංකාව තුල තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට කිහිප වතාවක් උත්සහ ගත්තා. මෙම පනත මගින් රටේ රාජ්‍ය ආයතන වල කළමණාකාරීත්වය ඉහල යන බව විශ්වාසයි. සමහර රාජ්‍ය ආයතන වල එකම වැඩේ කර ගන්න ජනතාව කිහිප විටක් ඇවිත් රස්තියාදු වෙන්න ඕනි. මේ පනත මගින් රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. මේක රටේ සංවර්ධනයටත් බලපානවා.මේ පනතින් ජනතාවට අත් වන සාධාරණත්වය පිළිබද ජනතාව දැණුවත් කිරීමේ වැඩි වගකීමක් මාධ්‍යවේදීන් හට පැවරෙනවා.