වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික කටයුතු අංශය මගින් සංවිධානය කල 69 වන ජාතික නිදහස් දින සැමරුම් වැඩසටහන ගවරම්මාන පියතිස්ස පිරිවෙන් විද්‍යාතනයේදී පැවැත්වින.
වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න මහත්මියගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරින් හා පියතිස්ස පිරිවෙන් එක්ව සංවිධානය කල මෙම වැඩසටහනේ මුලසුන හොබවන ලද්දේ උඩරට අමරපුර නිකායේ මහා නායක නුවරඑළිය චන්ද්‍රජෝති හිමියන් විසිනි.
මෙම සැමරුම් උත්සවයේ නිදහස් සමරු දේශනය පවත්වන උඩරට අමරපුර නිකායේ මහා නායක නුවරඑළිය චන්ද්‍රජෝති හිමියන් විසිනි. මෙම වැඩසටහනේදී අධ්‍යාපන කටයුතු වල යෙදෙන භික්ෂුන් වහන්සේලාට සහ දරු දැරියන්හට ශිෂ්‍යත්ව හා අධ්‍යාපන උපකරණ බෙදා දීමද සිදු කරන ලදී.
මෙම අවස්ථාවට වැලිමඩ ප්‍රදේශයේ බැංකු නියෝජනය කරමින් ඒවායේ කාර්ය මණ්ඩල නියෝජිතයින් , ධානපතියන් , ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරින් , කැප්පෙටිපොල සමෘද්ධි කලාපයේ නිළධාරින් , පියතිස්ස පිරිවනේ භික්ෂුන් වහන්සේලා හා ආචාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
( මංජුල සමින්ද )