ආර්ථික මධ්‍යස්ථාන වල පවතින ගැටළු සදහා රජය මැදිහත්වී විසදුම් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බැව් සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ වෙළද සංගමයේ සභාපති යූ. ආර්. ඩී. නන්දසිරි මහතා කියයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ වැලිමඩ ප්‍රදේශයේ පැවති සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ වෙළද සංගමයේ මාසික රැස්විමට එක්වෙමිනි.
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකාවේ සියළුම ආර්ථික මධ්‍යස්ථාන නියෝජනය කරමින් සාමාජිකයින් මේ සදහා එක්ව සිටියහ.
මෙහිදී තවදුරත් අදහස් දැක්වූ සභාපති වරයා
මේ වන විට ආර්ථික මධ්‍යස්ථාන වල කඩ කුලී කිසිදු හේතුවක් නොමැතිව සියයට තුන්සීය දක්වා ඉහල දමා ඇති බව පැවසු අතර මේ පිළිබදව ඉදිරියේදී ජනාධිපති වරයා හා අගමැතිවරයා දැණුවත් කිරීමට කටයුතු කරන බවත් ඉන් විසදුම් නොලැබුනහොත් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවත් පැවසීය.
( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්. කුමාරගේ )