Home / Uncategorized / වැලිමඩ නගරයේ අනවසර රථගාල් සදහා නීතිය කෝ ?

වැලිමඩ නගරයේ අනවසර රථගාල් සදහා නීතිය කෝ ?

වැලිමඩ නගරයේ ඇතැම් ව්‍යාපාරික ස්ථානවල පවත්වාගෙන යනු ලබන අනවසර රථගාල් හේතුවෙන් නගරයට පැමිනෙන ජනතාව දැඩිලෙස අපහසුතාවයට පත්ව තිබේ.

නගරයේ ඇතැම් වෛද්‍ය මධ්‍යස්ථාන ඉදිරිපිට ඒවායේ හිමිකරුවන් වෛද්‍ය වරුන්ගේ රථ වාහන සදහා වෙන්කර ඇත යනුවෙන් පුවරු ප්‍රදර්ශණය කරමින් නීති විරෝධීව එම ස්ථාන අත්පත් කරගෙන සිටිති. ඇතැම් පෞද්ගලික බැංකු ඉදිරිපිටද පුවරු යොදා ගනිමින් බලහත්කාරයෙන් මාර්ගයේ රථගාල් පවත්වාගෙන යති.

මෙම ස්ථානවල වෙනත් පුද්ගලයෙකු තම රථය ගාල් කිරීමට සැරසුනහොත් තමන් මෙම ස්ථානය වෙන් කර ගෙන සිටිනවායැයි කියා ඔහු බිය වද්දා එම ස්ථානයෙන් ඉවත් කිරීමට අදාල ආයතන හිමිකරුවන් කටයුතු කරන බැව් ජනතාව කියති. මෙම හේතුවෙන් නගරය පුරා දැඩි රථ වාහන තද බදයකටද හේතුවී තිබේ.

මේ පිළිබදව වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයාගෙන් බදුල්ල නිවුස් කල විමසීමකදී ඔහු සදහන් කලේ නගරයේ බොහෝ ව්‍යාපාරිකයින් තම ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට වාහන නැවතීමේ ස්ථාන සදහා අවසර දෙන ලෙස ඉල්ලීම් කලද එම ඉල්ලීම් කල කිසිදු අයෙකුට රථගාල් පවත්වාගෙන යෑමට අවසර දී නොමැති බවය.

දැඩි රථ වාහන තද බදයක් පවතින නගරයක ඇතැම් පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික අරමුණ වෙනුවෙන් ජනතාව පීඩාවට පත් කරමින් පවත්වාගෙන යනු ලබන මෙම බලහත්කාර රථ ගාල් සදහා නීතිය මෙතෙක් ක්‍රියාත්මක නොවීම දැඩි විමතියට කරුණක් බැව් ජනතාව කියයි.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *