කැප්පෙටිපොල ලංගම ඩිපෝව මගින් බස් රථ ධාවනය විධිමත්ව සිදු නොකිරීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස අසරණ වී ඇතැයි කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය.
අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කලේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
ඩිපෝවේ බස් රථ කෙටි ගමන් නොයන බවත් කෙටි ගමන් යන බස් රථ දුර සේවා සදහා යොදා ගනිමින් ප්‍රදේශයේ ගම්මාන සදහා යන බස් රථ ඩිපෝ බලධාරින් සීමා කර ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසූ අතර මේ හේතුවෙන් පාසල් ළමුන් නියමිත වේලාවට පාසැල් වෙත යෑමට හා නිවෙස් බලා පැමිණීමට නොහැකිව දැඩි ලෙස අසරණව ඇතැයිද කීහ.
මෙහිදී හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.ඒ.ආර්. බන්දුසේන මහතා සදහන් කලේ බොහෝ ගම්මාන වලට යන බස් රථ ඩිපෝව මගින් හිටි හැටියේ නතර කිරීම නිසා ජනතාව දැඩි ලෙස අසරණව ඇති බවය.
මෙහිදී අමාත්‍ය වරයා ඩිපෝ බලධාරින්ට ප්‍රකාශ කර සිටියේ ජනතාව පීඩාවට පත් නොකරන ලෙසය.